2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත හා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද චක්රලේඛය (PS/ACD/01/2019) ප්රකාරව ජනාධිපති ලේකම් කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එක්ව ආරම්භ කර ඇති, "සියලු රාජ්ය ආයතන වල අභ්යන්තර කටයුතු ඒකක පිහිටුවීමේ නව වැඩපිළිවෙළ" හා සමගාමීව මේ වන විට අප මණ්ඩලයේ අභ්යන්තර කටයුතු ඒකකයක් ස්ථාපිත කර ඇත.
ඒකක ප්රධානි :
සුපිළිපන්න නිළධාරි :
ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පි.වනිගසේකර මයා – නියෝජ්ය සාමාන්යාධිකාරි (පාරිභෝගික හා වත්කම් කළමනාකරණ)
කෞෂලා කරුණාරත්න මිය – කළමණාකරු (සාමුහික සන්නිවේදන)
අභ්යන්තර කටයුතු ඒකකයේ ප්රධාන අරමුණ
ආයතනය තුළ දුෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම
ආයතනයේ සියලුම ක්රියාකාරකම් වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්රවේශය සහතික කිරිම.
ආයතනය තුළ සාදාචාරාත්මක පාලනය ප්රවර්ධනය කිරීම
විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම,තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්යභාවය පවත්වා ගැනීම සදහා ආරක්ෂිත සහ ප්රවේශ විය හැකි ක්රමවේදයක් සකස් කිරීම
නීතය ක්රියාත්මක කරන ආයතන හා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සහයෝගයෙන් නිතී බලාත්මක කිරිමට සහාය වීම
අභ්යන්තර කටයුතු ඒකකයේ වගකීම හා කාර්යයන්
ආයතනය තුළ පවතින පද්ධතිමය බාධාවන් හදුනා ගැනීම සදහා වත්මන් ක්රියා පටිපාටි සහ චක්රලේඛ පරීක්ෂා කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සදහා ඒවා සරල කිරීම.
දුෂණ අවදානම් ඇගයීම (Corruption Risk Assessment) සිදුකිරීම මගින් ආයතනය තුළ දුෂණයට හා සදාචාර විරෝධි හැසිරීම්වලට ගොදුරු විය හැකි ක්ෂේත්ර හදුනා ගැනීම සහ ඉලක්කගත වැලැක්වීමේ පියවර ගැනීම.
ආයතනයේ අවශ්යතා වලට ගැලපෙන පරිදි සකස් කරන ලද නිශ්චිත දුෂණ විරෝධි අරමුණු සහ උපායමාර්ග ඇතුළත් ආයතනික සුපිළිපන්න ක්රියාකාරි සැලැස්මක් සකස් කර ක්රියාත්මක කිරීම.
ජාතික දුෂණ විරෝධි ක්රියාකාරි සැලැස්ම සමග ආයතනික ප්රතිපත්ති සහ භාවිතයන් පෙළගස්වමින් ජාතික දුෂණ විරෝධි උපාය මාර්ග වලට අනුකූල වීම.
2023 අංක 9දරණ දුෂණ විරෝධි පනත ඇතුළු ජාතික හා ජාත්යන්තර දුෂණ විරෝධි නීති සමග ආයතනයේ අනුකූලතාව ඇගයීම සදහා අනුකූලතා සමාලෝචන (Compliance Assessment) සිදු කිරීම සහ වැඩිදියුණු කළ යුතු ක්ෂේත්ර හදුනාගැනීම.
සියලුම රාජ්ය නිළධාරීන් සහ සේවා නියුක්තිකයින් සදහා වත්කම් ප්රකාශන අවශ්යතා වලට අනුකූල වීම සහතික කිරීම සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නියෝග සහ 2023 අංක 9 දරණ දුෂණ විරෝධි පනතට අනුකූලව බැදියාවන් අතර ගැටුම් කළමනාකරණය කිරීම.
ආයතනය තුළ දුෂණ සහ සදාචාර විරෝධි හැසිරීම් සම්බන්ධ පරමිණිලි භාර ගැනීම සහ කළමනාකරණය කිරීම සදහා ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කිරීම,එවැනි සියලුම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ නිළධාරීන් හෝ ඒකක විසින් කඩිනමින් කටයුතු කරන බවට සහතික වීම සහ විනිවිදභාවය හා වගවීම සහතික කරමින් විමසීම් සිදු කරන අදාළ පාර්ශවකරුවන් වෙත නිරන්තර යාවත්කාලීන කිරීම් ලබාදීම,අවශ්ය පරිදි දුෂණ විරෝධි පනත යටතේ විමර්ශන සදහා අදාළ කරුණු,සොයාගැනීම් හෝ තොරතුරු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම.
ආයතනය විසින් සපයනු ලබන සේවාවන් විස්තර කෙරෙන පුරවැසි ප්රඥප්තියක් සංවර්ධනය කර ප්රකාශයට පත් කිරීම.
රාජ්ය නිළධාරීන් විසින් පිළිපැදිය යුතු ප්රමිතිගත ආදාර ධර්ම සංග්රහයක් ඇතුළුව,සදාචාරාත්මක පාලනය ප්රවර්ධනය කරන ප්රතිපත්ති ස්ථාපිත කිරීම සහ බලාත්මක කිරීම.
දුෂණ විරෝධි මුලධර්ම වලට කැපවී සිටිමට අභිප්රේරණයක් ලෙස කාර්යය මණ්ඩලය පුහුණු කිරීම සහ දැනුවත් කිරීම ඇතුළු අනෙකුත් ක්රියාමාර්ග ගැනීම.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ ජාතික දුෂණ විරෝධි රාමුව මගින් මෙහෙයවනු ලබන සුපිළිපන්න ඇගයීම් ක්රියාවලීන් සදහා ආයතනය සහභාගි වන බව සහ ඒ සමග පෙළගැසෙන බව සහතික කරමින්,ජාතික දුෂණ විරෝධි සුපිළිපන්න ඇගයීම (National Anti-Corruption Integrity Assessment) සදහා ආයතනික කේන්ද්රස්ථානය ලෙස ක්රියා කිරීම.
ඒකකයේ රාජකාරි ක්රියාත්මක කිරීමේදි අඛණ්ඩ මගපෙන්වීම් සහ සහාය ලබාගැනීම සදහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සම්බන්ධතා පවත්වා ගැනීම.
අභ්යන්තර කටයුතු ඒකකයෙහි ක්රියාකාරකම්,දුෂණ විරෝධි මුලපිරීම් වල ප්රගතිය,මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්රියාමාර්ග සදහා නිර්දේශ සාරාංශ ගත කරමින් කලානුරූපි සහ වාර්ෂික වාර්තා සකස් කිරිම.
පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් සුපිළිපන්නතාවය වර්ධනය කිරීම සදහා වන සැලසුම් සකස් කිරීම හා ක්රියාත්මක කිරීම.
2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත
පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ කෙසේද?
දූෂිත ක්රියා, අල්ලස් ගැනීම් හෝ අභ්යන්තර අක්රමිකතා ඔබ නිරීක්ෂණය කළහොත්, පහත සඳහන් ඕනෑම මාර්ගයක් ඔස්සේ ඒවා පිළිබඳව සෘජුවම වාර්තා කරන්න.
ලිඛිත පැමිණිලි පෙට්ටිය
මණ්ඩලීය North Wing ගොඩනැගිල්ලේ බිම් මහලේ සහ South Wing ගොඩනැගිල්ලේ බිම් මහලේ ස්ථාපනය කර ඇත.
දුරකතන අංකය
0112-625778
වට්ස් ඇප්
0742456841
විද්යුත් තැපෑල
iau.waterboard@gmail.com
QR කේතය
![]()
තේමා ගීතය
අභ්යන්තර කටයුතු ඒකකයේ සංයුතිය
| අනු අංක | නම | සාමාජිකත්වය | තනතුර | අංශය |
|---|---|---|---|---|
| 1 | ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පි.වනිගසේකර මයා | ඒකක ප්රධානි | නියෝජ්ය සාමාන්යාධිකාරි (පාරිභෝගික හා වත්කම් කළමනාකරණ) | අතිරේක සාමාන්යාධිකාරි (පාරිභෝගික හා වත්කම් කළමනාකරණ) |
| 2 | කෞෂලා කරුණාරත්න මිය | සුපිළිපන්න නිළධාරි | කළමණාකරු (සාමුහික සන්නිවේදන) | කළමණානකරු (සාමුහික සන්නිවේදන) |
සාමාජික නිළධාරි මණ්ඩලය |
||||
| 1 | ඩි.ඒ.ප්රගාෂ් මයා | සාමාජික | නියෝජ්ය සාමාන්යාධිකාරි (සාමුහික සැලසුම්) | නියෝජ්ය සාමාන්යාධිකාරි (සාමුහික සැලසුම්) |
| 2 | ටී.එච්. වි.අයි. ප්රනාන්දු මයා | සාමාජික | නියෝජ්ය සාමාන්යාධිකාරි (යාන්ත්රික හා විදුලි) | නියෝජ්ය සාමාන්යාධිකාරි (යාන්ත්රික හා විදුලි) |
| 3 | එච්.වි.ටි.වික්රමරත්න මයා | සාමාජික | නියෝජ්ය සාමාන්යාධිකාරි (කාර්මික සබදතා) | අතිරේක සාමාන්යාධිකාරි (මානව සම්පත් කළමනාකරණ) |
| 4 | ඒ.බි.එම්.පි.අබේකෝන් මයා | සාමාජික | නියෝජ්ය සාමාන්යාධිකාරි (සැපයුම් හා ද්රව්ය කළමනාකරණ) | නියෝජ්ය සාමාන්යාධිකාරි (සැපයුම් හා ද්රව්ය කළමනාකරණ) |
| 5 | එච්.ආර්.එස්.නිරෝෂිනි මිය | සාමාජික | සහකාර සාමාන්යාධිකාරි (පාරිසරික හා සාමාජීය) | නියෝජ්ය සාමාන්යාධිකාරි (පාරිසරික හා සාමාජීය) |
| 6 | ටි.කේ.එන්.කේ.කුමාරි මිය | සාමාජික | සහකාර සාමාන්යාධිකාරි (මිනිස්බල සංවර්ධන හා පුහුණුකිරීම්) | සහකාර සාමාන්යාධිකාරි (මිනිස්බල සංවර්ධන හා පුහුණුකිරීම් |
| 7 | ආර්.ඒ.දහනායක මයා | සාමාජික | සහකාර සාමාන්යාධිකාරි (නිති) | සහකාර සාමාන්යාධිකාරි (නිති) |
| 8 | සමුද්ර අබේසිංහ මිය | සාමාජික | සහකාර සාමාන්යාධිකාරි (අයකිරීම්) | නියෝජ්ය සාමාන්යාධිකාරි (වානිජ) |
| 9 | එම්.සි.අබේවික්රම මයා | සාමාජික | කළමණාකරු (තොරතුරු තාක්ෂණ) | නියෝජ්ය සාමාන්යාධිකාරි (තොරතුරු කාක්ෂණ) |
| 10 | එන්.එම්.ඒ.එල්.බි.නවරත්න මයා | සාමාජික | ප්රධාන ඉංජිනේරු (ජල සම්පාදන ව්යාපෘති) | අතිරේක සාමාන්යාධිකාරි (ජල සම්පාදන ව්යාපෘති) |
| 11 | එස්.සරන්කන් මයා | සාමාජික | ප්රධාන ඉංජිනේරු (වත්කම් කළමනාකරණ) | අතිරේක සාමාන්යාධිකාරි (වත්කම් කළමනාකරණ) |
| 12 | ආර්.ඒ.එල්.ආර්.රූපසිංහ මිය | සාමාජික | ප්රධාන ගණකාධිකාරි (පිරිවැය) | නියෝජ්ය සාමාන්යාධිකාරි (පිරිවැය) |
| 13 | පි.එම්.ජයරත්න මයා | සාමාජික | ඉංජිනේරු (ප්රතිපත්ති හා සැලසුම්) | අතිරේක සාමාන්යාධිකාරි (ප්රතිපත්ති හා සැලසුම්) |
| 14 | පි.ඒ.එම්.එස්.පෙරේරා මයා | සාමාජික | මානව සම්පත් නිළධාරි | අතිරේක සාමාන්යාධිකාරි (මානව සම්පත් කළමනාකරණ) |
| 15 | සිසිර ජයවීර මයා | සාමාජික | අභ්යන්තර විගණක | නියෝජ්ය සාමාන්යාධිකාරි (අභ්යන්තර විගණන) |
සහය කාර්යය මණ්ඩලය |
||||
| 1 | එච්.ඩි.ආර්.පි.ජයසිංහ මිය | සහය කාර්යය මණ්ඩලය | ජ්යෙෂ්ඨ සමාජවිද්යාඥ | නියෝජ්ය සාමාන්යාධිකාරි (සාමාජීය හා පාරිසරික) |
| 2 | ආර්.සි.නාමලි මිය | සහය කාර්යය මණ්ඩලය | ඉංජිනේරු (පාරිභෝගික හා වත්කම් කළමනාකරණ) | අතිරේක සාමාන්යාධිකාරි (පාරිභෝගික හා වත්කම් කළමනාකරණ) |
| 3 | කේ.එම්.එස්.කේ.මුහන්දිරම් මයා | සහය කාර්යය මණ්ඩලය | සැලසුම් භාරකරු (සිතියම්) | ප්රධාන ඉංජිනේරු (සිතියම්) |
| 4 | එච්.හිරංගා ප්රභාෂණි පෙරේරා මිය | සහය කාර්ය මණ්ඩලය | කළමනාකරණ සහකාර | අතිරේක සාමාන්යාධිකාරි (පාරිභෝගික හා වත්කම් කළමනාකරණ) |
වැඩසටහන්
“සුපිළිපන්න රාජ්ය සේවයක් සදහා වන සුපිළිපන්න සංස්කෘතියක් -ක්ලීන් ශ්රි ලංකාවක් “ ජාතික මෙහෙයුම වැඩසටහනට සමගාමීව ජාතික සුපිළිපන්න සතිය – ක්රියාත්මක කිරීම
2026 ජුලි 30 වන දින පෙ.ව 9.00 සිට පෙ.ව 11.00 දක්වා ප්රධාන කාර්යාලීය ශ්රවණාගාරය




















